පටක රෝපිත කෙසෙල් වගාව
සිටුවීම
අකාර කීපයකට සිටුවිය හැක. අඩු පරතර සිටුවීම වාණිජ වගාවලට උචිත වන අතර, සම්ප්‍රදායික සිටුවීම ගෘහ ආශ්‍රිත වගාව සදහා යොදාගත හැක.
- සම්ප්‍රදායික සිටුවීම – පේලි අතර මීටර් 3 (අඩි 10’) පේළිය තුල මීටර් 3 වන සේ වලවල් සලකුණු කරන්න. වලක ප්‍රමාණය සෙ.මී. 60x60x60 (අඩි 2’x2’x2’) වනසේ කුඩාවට කපනු ලැබේ.අක්කරයකට පැල 440ක් පමණ. පර්චස් 10කට පැල 20-25ත් අතර සිටුවිය හැක.
- අඩු පරතරයට සිටුවීම – පේලි අතර මීටර් 1.8(අඩි 6’) පේළිය තුල මීටර් 1.8(අඩි 6’) වන සේ වලවල් සලකුණු කරන්න. වලක ප්‍රමාණය සෙ.මී. 45x45x45(අඩි 1’6”x1’6”x1’6”) වනසේ කුඩාවට කපනු ලැබේ.අක්කරයකට පැල 1200ක් පමණ. පර්චස් 10කට පැල 45-50ත් අතර සිටුවිය හැක.
- අඩු පරතරයට සිටුවීම – සමාන්තර පේළි අතර මීටර් 2.5, සමාන්තර පේළි දෙක අතර මීටර් 1.2 පේළිය තුල මීටර් 1.2 වන සේ වලවල් සලකුණු කරන්න. වලක ප්‍රමාණය සෙ.මී. 45x45x45 (අඩි 1’6”x1’6”x1’6”) වනසේ කුඩාවට කපනු ලැබේ. අක්කරයකට පැල 1600ක් පමණ සිටුවිය හැක. මෙහිදී කෙසෙල් වගාව වසරක් තුල පමණක් පවත්වා ගන්නා අතර මව්ගස් පමණක් නඩත්තු කෙරේ.
දේශගුණික අවශ්‍යතා
මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා වූ සියළුම ප්‍රදේශවල සාර්ථකව කෙසෙල් වගාකල හැක. මි.මී. 1250 – 1900 දක්වා පැතිරුණු වර්ෂාපතනයක් පවතින 27C – 30C අතර උෂ්ණත්වයක් තිබීම වඩාත් සුදුසුය. උෂ්ණත්වය අඩුවීමේදී මොරෙයියන් ඇතිවීම, පත්‍ර වර්ධනය හා මල් ඇති වීම අඩු වේ. එමෙන්ම අධික සුළං ඇති ප්‍රදේශ වල වගාව ආරක්ෂා කිරීමට ප්‍රතිකර්ම කළ යුතුය.
පස
කෙසෙල් වගාව පුළුල් පාංශු පරාසයක් තුළ සිදුකළ හැකි අතර වැදගත් වන්නේ මනා ජල වහනයයි. පසේ මැටි ගතිය 40% වඩා අඩු වීමත් භූජල මට්ටම මීටර් 01 වඩා පහලින් පිහිටීමත් හිතකර වේ. පාංශු PH අගය 4.5 – 8 ත් දක්වා වගා කළ හැකි නමුත් ප්‍රශස්ථ මට්ටම වන්නේ PH 6 – 7.5 අතර මට්ටම වේ.
විශේෂ අවශ්‍යතා
සාමන්‍ය කෙසෙල් පැලවලට වඩා පටක රොපිත කෙසෙල් පැල සදහා රසායනික පොහොර සදහා වැඩි ප්‍රතිචාර දක්වනු පෙනී යයි. එම නිසා කෙටි කාල පරාස තුල පොහොර යෙදීමෙන් ගුනාත්මක හා ප්‍රමානාත්මක අස්වැන්නක් ලබා ගත හැක.
වැඩි විස්තර සදහා ප්‍රදේශයේ කෘෂි උපදේශක මහතා හමුවන්න.
පොහොර යෙදීම – කාබනික පොහොර හා රසායනික පොහොර
තෙත්ක ලාපය
යොදන ආකාරය |
යොදන කාලය |
වර්ගය |
ප්රමාණය |
||||||
කාබනික පොහොර යෙදීම |
සිටුවීමට සති 2 පෙර |
කුකුල් පොහොර, ගොම පොහොර හෝ කොම්පෝස්ට් |
කිලෝ ග්‍රෑම් 10 වලකට |
||||||
අළුහුණු |
සිටුවීමට සති 2 පෙර |
ඩොලමයිට් |
ග්‍රෑම් 500 වලකට |
||||||
රසායනික පොහොර |
වර්ගය සහ ප්‍රමාණය පැළයක් සදහා ග්‍රෑම් |
පෝෂක ප්‍රමාණය පැළයකට ග්‍රෑම් |
|||||||
යුරියා |
TSP |
MOP |
කීසරයිට් |
N |
P2O5 |
K2O |
MgO |
||
සිටුවීමට පෙර |
55 |
50 |
95 |
– |
25 |
23 |
57 |
– |
|
සිටුවා මාස 1 හා 2කට පසු |
55 |
50 |
95 |
50 |
25 |
23 |
57 |
12 |
|
සිටුවා මාස 4, 6 හා 8 කට පසු |
55 |
50 |
95 |
50 |
25 |
23 |
57 |
12 |
වියළි හා අතරමැදි කලාපය
යොදන ආකාරය |
යොදන කාලය |
වර්ගය |
ප්රමාණය |
||||||
කාබනික පොහොර යෙදීම |
සිටුවීමට සති 2 පෙර |
කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට් |
කිලෝ ග්‍රෑම් 10 වලකට |
||||||
රසායනික පොහොර |
වර්ගය සහ ප්‍රමාණය පැළයක් සදහා ග්‍රෑම් |
පෝෂක ප්‍රමාණය පැළයකට ග්‍රෑම් |
|||||||
යුරියා |
TSP |
MOP |
කීසරයිට් |
N |
P2O5 |
K2O |
MgO |
||
සිටුවීමට පෙර |
60 |
40 |
125 |
– |
28 |
18 |
75 |
– |
|
සිටුවා මාස 1 හා 2 කට පසු |
60 |
40 |
125 |
– |
28 |
18 |
75 |
– |
|
සිටුවා මාස 4, 6 හා 8 කට පසු |
60 |
40 |
125 |
– |
28 |
18 |
75 |
– |
වාණිජ වගාවන් සදහා කැල්සියම්, සින්ක් සහ බෝරෝන් (Ca, Zn හා B) අඩංගු පොහොර බාවිතා කල යුතු වේ. වැඩි විස්තර සදහා ප්‍රදේශයේ කෘෂි උපදේශක මහතා හමුවන්න.
කෙසෙල් වගාව – විශේෂ කරුණු
තෙත් කලාපයේ කොලිකුට්ටු කෙසෙල් සිටුවන විට වගාව සදහා වැඩි සැලකිල්ලක් දක්වන්න. එ සදහා හොදින් ජලය බැසයන පසක් සහිත ඉඩමක් තොරා ගන්න. ගස් පෙලි අතර කානු දැමීම හා උස් වගා බිම් සකස් කර කෙසෙල් සිටුවන්න. ඔබ ජල සම්පාදනය කරනු ලබනවා නම් වැසි කාලයේ ජල සැපයුම සීමා කරන්න.
පටක රොපිත කෙසෙල් පැල වල කිසිම දිලීරයක්, වයිරස හො අනෙකුත් රෝග වගාවට පැමිනෙන්නේ නැත. පැනමා නැමති දිලීරය, ඔබගේ කොලිකුට්ටු වගාවට ඉතා හානිකර වන අතර, ඔබගේ වගාව අරක්ශා කර ගනීම සදහා, පිටතින් රැගෙන එන කබනික පොහොර පිලිබද වඩා සැලකිලිමත් වන්න.
සිගටෝකා යනු සාමාන්ය පරිසරයේ බහුලව ඇති දිලිර රොගයක් වන අතර, කෙසෙල් පත්‍ර දාරයෙන් පටන් ගෙන, කහ සහ කලු පැහ පුල්ලි වැටී වියලී යාම මුලික රොග ලක්ශනයයි. මෙය පලනයට, ගස් අතු කප්පදුව හා වගාව පිරිසිදුවට තබා ගනීම ප්‍රදන වෙයි. පාලනය අපහසු වු විට වෙලද පල අති දිලිර නශකයක් (Folicur® EW 250) යොදා ගනීම කල හැක.
පටක රොපිත කෙසෙල් වගාව පොහොර සදහා ඉතා සන්වේදි වන අතර නිසි අකාරව පොහොර යොදා ගනීම සර්තක අස්වැන්නක් ඔබට හිමිකර දෙනු ඇත. නිර්දෙශිත පොහොර අනුපතය මාසිකව බෙදා යොදීමෙන් ඔබට යහපත් ප්‍රති පල ලබා ගත හැකිවේ.
ඔබ කාබනික පොහොර ලෙස කුකුල් පොහොර යොදා ගනී නම් නිසි අකරයෙන් වියලන ලද පොහොර පමනක් යොදා ගන්න.
කෙසෙල් වගාවට මාස 6ක් යනතුරු සියලු කුඩා පැල තලා පොඩි කර ඉවත් කරන්න. එසේ නැතිනම් ම්වු ගසට හානි නොවන සේ ගලවා ඉවත් කරන්න.මස 6න් පසු එක පැලයක් පමනක් තබා ගන්න. නිසි අයුරු පැල නඩත්තු කිරීමෙන් ඔබට හොද කෙසෙල් වනිජ වගාවක් සදහා යොමු විය හැක.
උපුටා ගැනීම, කෘෂිකර්ම දෙපාර්ත මේන්තුවේ වෙබ් අඩවියෙණි.
https://www.doa.gov.lk/FCRDC/index.php/si/2015-09-22-05-59-42/27-banana1

අපගේ පටක රෝපිත කෙසෙල් වගාවල පින්තුර පහත දක්වා තිබේ.

Tissue Culture Banana Plants Kandula Banana Bunch Nadee Banana Bunch, Embul Nadee Banana Bunch, Embul Nadee Banana Bunch, Embul ඇම්බන් – Amban Banana Bunch Tissue Culture Banana Plants Tissue Culture Banana Plants කොලිකුට්ටු – Kolikuttu Banana Bunch කොලිකුට්ටු -Kolikuttu Banana ඇම්බන් – Amban Banana Bunch මිටි ඇම්බන් – Dwarf Amban Banana Bunch මිටි ඇම්බන් – Dwarf Amban Banana Bunch මිටි ඇම්බන් – Dwarf Amban Banana Bunch මිටි ඇම්බන් – Dwarf Amban Banana Bunch මිටි ඇම්බන් – Dwarf Amban Banana Bunch
How to buy tissue culture banana plants ?
Please call our number 0112184181. We give you details of the plants and the process.
Thank you!
are there cavendish banana seedlings. what is the average maximum height of a well grown bunched cavendish plant. how long does it go to occur a bunch normally.what is the average weight of a one well grown bunch normally. can they supply us to a exporter or sell them in local market. what is the average price normally for one kilogram in locally or in exportation when selling the yield. i asked you about tissue cultured banana seedlings recently by you and you told me that stocks were over and but can supply new cavendish seedlings from another supplier. please honestly tell me that can you guarantee to this cavendish seedlings as your GREEN GROW brand. if your guarantee .we may definitely buy . please send me the least price for one seedling that you can very finally supply us. and also we want to deliver them to kottawa town.how about the transportation costs and please send me it the least cost as well. answer is expected as soon as possible…….
Comments are closed.