පොඩි අලුත් වැඩක් පටන් ගත්තා. මම indoor plant growing LED පිළිබද පොඩි පර්යේෂණයක් කරනවා. මට ඕනේ කරන්නේ Tissue Culture ලැබ් එකක භාවිතා කරන Tube light වෙනුවට LED වලින් සාදපු අඩු වියදම් ආලෝක ප්‍රභවයක් යොදා ගන්න. දැනට Phillip ආයතනය හදන එක 4 feet LED light එකක් 30,000/= LKR වෙනවා වෙළදපලේ ලංකාවේ custom charges සහ shipping ගාස්තු නැතිව. ඉතින් මම කල්පනා කලා මමම නිපදපවන්න මේ lights කීපයක්. එකට අත්‍යවශ්‍ය උපරකනයක් තමයි මේ. කියන්නේ Quantum PAR meter කියල. මේකෙන් මනින්න්නේ පැල වර්දනයට අවශ්ය 400nm – 700nm ආලෝකය. එක අපේ ඇසට පෙනෙන එක නෙමෙයි. ගසක අහාර නිෂ්පාදනයට දායක වෙන ආලෝක කිරණ ප්‍රමාණය. umol/m2/s වලින් තමා මනින්නේ. මට ඕනේ කරන්නේ 50umol/m2/s ප්‍රමාණයක්. මේ උපකරනයෙක් හුගක් ප්‍රයෝජන තියනවා. ඔය shade net දාල හදන පැල ගෘහ තුල අවශ්‍ය ආලෝක ප්‍රමාණය තියනවද, නෙට් house වල, මාළු ටැංකි වල ගස් වැවෙන්න ඕනේ කරන ආලෝක ප්‍රමාණය තියනවද කියල ආදී වශයෙන් හුගක් දේවල්. විශේෂය තමයි මෙමෙ උපකරණයෙන් LED light වල තියන Photo Red කියන ගස් වැඩීමට සක්‍රියව දායක වෙන 660nm ආලෝක ය මැන ගැනීමට හැකි වීම. ඔයාලට ප්‍රශ්න තියනවනම් අහන්න.




